Wednesday 30 May 2012

කදිම ආයෝජනයක්!!!

පිං රැස්කරගන්නට පංසල්-ආරාම ගානේ ගොස් හෙම්බත් වෙලාද? දාන-මාන සැලසුම් කර ගැනීමට වෙලාවක් නැතිද? ඔබේ පුද පූජාවන්ට සරිලන පිනක් අනුමෝදන් වෙන්නේ නැද්ද? 

එසේනම්, මේ අනගි අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!!!!

පරලොවදී දිව්‍ය සැප සම්පත් ලබන්න අප සමග ආයෝජනය කරන්න!! 
ඔබ කැමති මුදලක් (රු.100,000/- ට වැඩි) අප ආයතනයේ ආයෝජනය කළපසු, ඔබ විසින් තීරණය කරනු ලබන අනුමෝදනා ප්‍රතිශතයක් යටතේ,  ගණනය කරනු ලබන පිං සෑම මසකම 30 වෙනිදාට ඔබට අනුමෝදන් කරනු ලැබේ. 

උදාහරණයක් ලෙස ඔබ රු.100,000/- ක් ආයෝජනය කළේ නම් සහ අනුමෝදනා ප්‍රතිශතය 10% ක් නම්, පළමු මාසයේදී රු.10,000/- ක් වටිනා පිං ද, දෙවන මාසයේදී රු.9,000/- ක් (ආයෝජිත මුදලේ ඉතිරියෙන් 10% ක්) වටිනා පිං ද ආදී වශයෙන්, ඔබේ ආයෝජිත මුදල ක්ෂය වී යනතෙක් ඔබට පිං අනුමෝදන් වේ.

************************************************************************
රු. 100,000/- ක් වැනි සුළු මුදලකින් ඔබේ ආයෝජනය ආරම්භ කළ හැකියි.
************************************************************************

විශේෂ දීමනාවක්!!
මේ මාසය තුලදී ඔබ සිදුකරන සියළුම ආයෝජන සඳහා, දෙගුණයක් පිං අනුමෝදන් කරනු ලැබේ.*

රු. 500,000 ට වඩා ආයෝජනය කරන සැමට වටිනා බෝධිපූජා පොතක් නොමිලේ!!

අපවෙත මුදල් එවීම සඳහා පේපැල්, ක්‍රෙඩිට් කාඩ්, චෙක්පත්, වෙස්ටර්න් යුනියන් වැනි ඔබට පහසු ක්‍රමයක් තෝරාගත හැකියි. 

ප්‍රමාද වී පසුතැවිලි නොවන්න!! මේ මහඟු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න!!!

“අද අද එයි මරු පිං කර ගන්නේ“
(ව්‍යාජ ආයතනවලට නොරැවටෙන්න)

*කොන්දේසි සහිතයි.