Tuesday 26 July 2011

කෙටිකතාව නොහොත් දිගකතාව

"..... මේ....... බස් එකක් එනකංද ඉන්නෙ?"
"ඇයි අහන්නෙ????"

..........................................................................................................

"බලන්න එපැයි ඒ දවස්වල තිබිච්ච ගණං........!"
"එහෙම නැතුව පුළුවනෑ........!"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"ගොඩක් අය දීල තියෙන්නෙ සල්ලි"
"හ්ම්....... තෑගි පාර්සලුත් ගොඩක් හම්බුණා"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"ඒකනෙ මං කිව්වෙ ඔක්කොම රෝස පාටින් ගමු කියල........!"
"හරි ...... හරි ..... මං පරාදයි!!"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"දුව මාව හොයනවද??"
"ඔව් ........ මං කිව්වා මල්ලියෙක් ගේන්න ගියා කියලා........"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"එච්චර පාන්දර...???"
"මෙවයෙ නැකැත් තියෙන්නෙ පාන්දර තමා"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"පොඩි පුතත් පේරාදෙණියටම තේරිලා......!"
"මල්ලි යන්නෙත් අක්ක ගිය අඩිපාරෙම තමා..!!"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"කෙල්ල ගියාට පස්සෙ ගේත් එක්කම පාළුයි......."
"හ්ම් ........ හෙට අනිද්දා දිහාට ඇවිත් යන්න එයි දෙන්නත් එක්කම"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"පොඩි පුතා වෙන මොනවද කිව්වෙ?"
"මේ දවස්වල එහෙට හිම වැටෙනවලු!"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"පැටියව බලන්න මොනවද අරං යන්නෙ?
"මං ගවුං පොඩි දෙකක් ගෙනාවා"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"කොලු පැටියනං පොඩි පුතාගෙ කපාපු පළුව"
"ඔව් ............. මං බැලුවා පිංතූර ටික"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"මේක හොඳයිද කලිං එකට වඩා?"
"හ්ම් ...... දැන්නං පොඩි අකුරුත් කියවන්න පුළුවං ..... "

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"මේ පාර කඨිනෙට අටපිරිකරක්වත් පූජ කරන්න ඕන.."
"පැන්ෂන් එක ගත්තම බලමු"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"අමාරුවෙන් හරි ඉතුරු ගල්පඩි ටිකත් නගිමු"
"හ්ම්........... ආයෙ මේවැයෙ එන්න පුලුවං වෙයිද කවුද දන්නෙ........."

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"කෝ ..... ඔලුව ටිකක් ඉස්සුවනං ..... මේ කසාය ටික පොවන්න...... "
"...ම්හ්.‍‍...තෙල් සාත්තුවෙන් පස්සෙ තුනටියෙ කැක්කම නං ටිකක් අඩුයි ... "

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"මේ මනුස්සයා මොකෝ මේ තනියෙං හිනාවෙන්නෙ..............!?!"
"..... මේ....... බස් එකක් එනකංද ඉන්නෙ?"

Sunday 24 July 2011

කාරුණික දැනුම් දීමයි!

සියළුම බ්ලොග් ලියන්නන් වෙත,

කිසිදු වෙහෙස මහන්සියකින් තොරව කාගේත් අවධානය දිනාගත හැකි බැවින් ද, තමන්ගේම කියා දෙයක් කිරීමට හැකියාවක් නොමැතිකම නිසා ද, හැකියාවක් තිබුනත් උවමනාවක් නැති නිසා ද, ඔලුවක් තිබුනාට ඒ තුළ මොළයක් තිබෙනා බව නොදන්නා හෙයින් ද, මින්පසු ඔබලාගේ බ්ලොගයන්හි පළවන ලිපි, කිසිදු හිරිකිතයකින් තොරව කොපි කොට, මගේ මෙන් පළකිරීමට තීරණය කළබව කාරුණිකව දැනුම් දෙමි.

එසේම එසේ කොපිකර පළකරන මුල් ලිපියට කිසිදු සබැඳුමක් (Link) හෝ සඳහනක් හෝ නොයොදන බවද දන්වන අතර මෙයින් ඔබට කිසියම් හෝ සිත්තැවුලක්, වේදනාවක් ඇතිවේනම් එය මට අදාල නොවන බවද දන්වමි. නමුත් ඔබේ වෙහෙස මහන්සියට කරන ගරු කිරීමක් වශයෙන්, ලිපියේ මාතෘකාව, පින්තූර (ඇත්නම්) ඒවාද සමග ලිපියේ එක අකුරක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් නෑර ගෙඩිය පිටින්ම කොපි කරන බවට සහතික වෙමි.

ම‍‍ගේ මේ තීරණයට එරෙහිව ඔබලාට කිසිවක් කළ නොහැකි අතර, නිකං බොරුවට උඩපනින්නේ නැතුව ඉන්නා ලෙසද මතක් කරමි.

කරුණාකර මගේ ආතල් නොකඩා නිශ්ශබ්දව සිටින්න.

ස්තුතියි.

Wednesday 13 July 2011

අවුරුද්දකට පසු, ආපසු හැරී බලමි.

මගේ බ්ලොග් ලිවිල්ලට අවුරුද්දකුත් වෙලා! හරියටම කිව්වොත්, අවුරුද්දකුත් මාසයක්! මේ අවුරුද්දක කාලය ඇතුලෙ, මම පළකරලා තියෙන ලිපි ගණන 0001 ක්!!!

මේ තමා මගේ බ්ලොග් කෙරුවාවෙ තරම!
Posts : 02
Comments : 00
Followers: 00
Page Views: 29 (මේ 29ත් මම ම තමා)

ඇත්තටම, මට හරි ම අහිංසක සතුටක් දැනෙනවා.  මේ ‍ව‍‍ගේ දීර්ග කාලයක් බ්ලොග් එකක් පවත්වගෙන යන එකත් ලේසි වැඩක් නෙවෙයි.

මගේ බ්ලොගයට ජයවේවා!

(අනේ කොමන්ට් එකක් දාලා යන්න ‍හො‍ඳේ!)