Sunday 24 July 2011

කාරුණික දැනුම් දීමයි!

සියළුම බ්ලොග් ලියන්නන් වෙත,

කිසිදු වෙහෙස මහන්සියකින් තොරව කාගේත් අවධානය දිනාගත හැකි බැවින් ද, තමන්ගේම කියා දෙයක් කිරීමට හැකියාවක් නොමැතිකම නිසා ද, හැකියාවක් තිබුනත් උවමනාවක් නැති නිසා ද, ඔලුවක් තිබුනාට ඒ තුළ මොළයක් තිබෙනා බව නොදන්නා හෙයින් ද, මින්පසු ඔබලාගේ බ්ලොගයන්හි පළවන ලිපි, කිසිදු හිරිකිතයකින් තොරව කොපි කොට, මගේ මෙන් පළකිරීමට තීරණය කළබව කාරුණිකව දැනුම් දෙමි.

එසේම එසේ කොපිකර පළකරන මුල් ලිපියට කිසිදු සබැඳුමක් (Link) හෝ සඳහනක් හෝ නොයොදන බවද දන්වන අතර මෙයින් ඔබට කිසියම් හෝ සිත්තැවුලක්, වේදනාවක් ඇතිවේනම් එය මට අදාල නොවන බවද දන්වමි. නමුත් ඔබේ වෙහෙස මහන්සියට කරන ගරු කිරීමක් වශයෙන්, ලිපියේ මාතෘකාව, පින්තූර (ඇත්නම්) ඒවාද සමග ලිපියේ එක අකුරක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් නෑර ගෙඩිය පිටින්ම කොපි කරන බවට සහතික වෙමි.

ම‍‍ගේ මේ තීරණයට එරෙහිව ඔබලාට කිසිවක් කළ නොහැකි අතර, නිකං බොරුවට උඩපනින්නේ නැතුව ඉන්නා ලෙසද මතක් කරමි.

කරුණාකර මගේ ආතල් නොකඩා නිශ්ශබ්දව සිටින්න.

ස්තුතියි.

13 comments:

  1. හික්.. මට නම් බය වෙන්න දෙයක් නෑ ලොක්කා.. මගේ බ්ලොග් එකේ කොපි කරන්න තරම් දෙයක් නැති නිසා.. :D

    ReplyDelete
  2. "ඔලුවක් තිබුනාට ඒ තුළ මොළයක් තිබෙනා බව නොදන්නා බැවින්"

    අන්න ඔයා හරියටම තේරුම් අරන් තියනව.

    ReplyDelete
  3. අනේ මචෝ . . . . ආන්න වැඩේට බහිනව නං . . . මගෙ බ්ලොග තියනව . . . . උඹ දන්නවනෙ පාර . . . ????

    ReplyDelete
  4. අඩේ අප්පා මේ දවස්වල මෙහෙම කට්ටියද එතකොට අර දිගට හරහට ගේම දෙන්නේ..එළම කිරිස්...

    ReplyDelete
  5. අවුලක් නැහැ ඔහොම යන් :-D

    ReplyDelete
  6. @ චතුවා (ළමයා) - අපෝ එහෙනං ඒක කොපි කරන්නෙ නෑ
    @ නදී - ඒකත් ලොකු දෙයක්නෙ නේද.....
    @ ඕනයා - මචං මං අසභ්‍ය එව්වා කොපි කරන්නෙ නෑ. :D
    @ මාරයාගේ හෝරාව - ඕං මමනං කියල කරන්නෙ....
    @ ම - ස්තුතියි :)

    ReplyDelete
  7. හික් හික් මටත් අවුලක් නෑ මගේ බ්ලොග් එකෙත් වැඩකට ඇති දේවල් ලියවෙන්නේ නෑ

    ReplyDelete
  8. ප/ලි : ඒ උනාට කොපි කිරීම කැත වැඩක්

    ReplyDelete
  9. //@ ඕනයා - මචං මං අසභ්‍ය එව්වා කොපි කරන්නෙ නෑ. :D//

    සුමින්ද අයියා විසින් ඔනෙ අයියාගෙ රෙදි ගලවයි... :D

    ReplyDelete
  10. ඉන්ටර්නෙට් කියන තැනට දෙයක් දැම්මයින් පස්සේ උඹට කොහෙන්ද ඒකට අයිතිවාසිකමක් දැනුම කියන දේට කොපිරයිට්ස් කියාගෙන හිර කිරීම් ඇති කරන උඹලාගේ ධනවාදය නිසා තමයි මේ සේරම ! අපිට ඉස්සරහට ටොරන්ට් එකකින් ෆිල්ම් එකක්වත් බාගෙන බලන්න නැතිවෙයි. එම්පීත්‍රී ෆයිල් එකක්වත් තියාගන්න බැරිවෙයි. අනික උඹේ පෝස්ට් කොපි පේස්ට් කරලා දැම්මහම ඒක යටින් ලින්ක් එකක් දැම්මොත් අදාල සයිට් එකෙන් උඹේ සයිට් එකට ට්‍රැෆික් එක එයි ඒක ඒ සයිට් එකට අසාධාරණයක්. ඒ නිසා උඹේ නමවත් ලින්ක්වත් දාන්නේ නැතුව අඩුම තරමේ වෙන කෙනෙක් ලිව්ව එකක් කියලාවත් නොකිය උඹ ලියපු එකක් කියලා හොයාගන්න පුළුවං හැම දේම එඩිට් කරලා අයින් කරලා දාලා. මම උඹේ පෝස්ට් එළකිරි එකේ මම ලියපුවා වගේ මගේ යූසර්නේම් එක යටතේ දානවා. කට්ටිය තෑන්ක්ස් තෑන්ක්ස් කිය කිය +රෙප් දෙනකොට මම බොහොම නිහතමානීව තව තවත් ත්‍රෙඩ් එක බම්ප් කරනවා

    - මම එළකිරි එකේ Sweets-

    මේ තියෙන්නේ උඹේ ජාතියෙම බ්ලොග් කාරයෙක්ට මම ඇඩෙන්න පහර දුන්න හැටි ලින්ක් දාන්න බැරිනම් නමවත් දාන්න කියාගෙන කතාව කියන්න ආවම හික්ස්

    http://www.elakiri.com/forum/showthread.php?t=1162900

    (මේ දවස්වල එළකිරි එකේ සර්වර් එක ඕවර්ලෝඩ්වෙලා තියෙන්නේ උඹට බලාගන්න බැරිවෙයි ඕක ඒක නිසා ආවේ නැත්තං සතියකින් දෙකකින් බලපං ඔය ත්‍රෙඩ් එක

    ආත්මාර්තකාමී වෙන්න එපා මචෝ කතෘ අයිතිය කියාගෙන ගොං පාට් දාන්න එපා උඹ ලිව්වයි කියලා උඹේ නම දාන්න ඕනේ කියලා එකක් නැහැ මට ඕනේ නම් මම මට ඕනේ දෙයක් කරනවා අනික උඹේ නම එළකිරි එකේ දානවට උඹ කැමති නෑ කියලත් මට තේරෙනවා ඒකත් එක හේතුවක් ලින්ක් ඇරුනම ලිව්ව කෙනාගේ නමවත් නොදා ඉන්න ! උඹට ඕනේ විදිහට අපි වැඩ කරන්නේ නැහැ ආණ්ඩුවට කඩේ යන බූරුවෙක් නොවී ඉදපං මචෝ හොදේ ඔන්න ප්‍රශ්ණ ඇතිවෙන්න කලින්ම කිව්වා මම

    ReplyDelete
  11. ඔන්න මගේ නම් කොපි කලාට අවුලක් නෑ.
    (කොපි කරන්න දෙයක් නෑනේ.)

    ReplyDelete
  12. මේ කොපි කොලාට කමක් නෑ උඹේන් කොපි කොරන්න එපා කියලා බෝර්ඩ් එකක ගහන්න ඈ,.,අර කතාවක් තියෙන්නෙ හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියලා,., හෙහ් හෙහ්

    ReplyDelete