Tuesday 26 July 2011

කෙටිකතාව නොහොත් දිගකතාව

"..... මේ....... බස් එකක් එනකංද ඉන්නෙ?"
"ඇයි අහන්නෙ????"

..........................................................................................................

"බලන්න එපැයි ඒ දවස්වල තිබිච්ච ගණං........!"
"එහෙම නැතුව පුළුවනෑ........!"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"ගොඩක් අය දීල තියෙන්නෙ සල්ලි"
"හ්ම්....... තෑගි පාර්සලුත් ගොඩක් හම්බුණා"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"ඒකනෙ මං කිව්වෙ ඔක්කොම රෝස පාටින් ගමු කියල........!"
"හරි ...... හරි ..... මං පරාදයි!!"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"දුව මාව හොයනවද??"
"ඔව් ........ මං කිව්වා මල්ලියෙක් ගේන්න ගියා කියලා........"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"එච්චර පාන්දර...???"
"මෙවයෙ නැකැත් තියෙන්නෙ පාන්දර තමා"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"පොඩි පුතත් පේරාදෙණියටම තේරිලා......!"
"මල්ලි යන්නෙත් අක්ක ගිය අඩිපාරෙම තමා..!!"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"කෙල්ල ගියාට පස්සෙ ගේත් එක්කම පාළුයි......."
"හ්ම් ........ හෙට අනිද්දා දිහාට ඇවිත් යන්න එයි දෙන්නත් එක්කම"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"පොඩි පුතා වෙන මොනවද කිව්වෙ?"
"මේ දවස්වල එහෙට හිම වැටෙනවලු!"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"පැටියව බලන්න මොනවද අරං යන්නෙ?
"මං ගවුං පොඩි දෙකක් ගෙනාවා"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"කොලු පැටියනං පොඩි පුතාගෙ කපාපු පළුව"
"ඔව් ............. මං බැලුවා පිංතූර ටික"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"මේක හොඳයිද කලිං එකට වඩා?"
"හ්ම් ...... දැන්නං පොඩි අකුරුත් කියවන්න පුළුවං ..... "

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"මේ පාර කඨිනෙට අටපිරිකරක්වත් පූජ කරන්න ඕන.."
"පැන්ෂන් එක ගත්තම බලමු"

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"අමාරුවෙන් හරි ඉතුරු ගල්පඩි ටිකත් නගිමු"
"හ්ම්........... ආයෙ මේවැයෙ එන්න පුලුවං වෙයිද කවුද දන්නෙ........."

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"කෝ ..... ඔලුව ටිකක් ඉස්සුවනං ..... මේ කසාය ටික පොවන්න...... "
"...ම්හ්.‍‍...තෙල් සාත්තුවෙන් පස්සෙ තුනටියෙ කැක්කම නං ටිකක් අඩුයි ... "

..........................................................................................................
..........................................................................................................
..........................................................................................................

"මේ මනුස්සයා මොකෝ මේ තනියෙං හිනාවෙන්නෙ..............!?!"
"..... මේ....... බස් එකක් එනකංද ඉන්නෙ?"

32 comments:

  1. නියම කතාවක් අය්ය.අවුරුදු 60ක 70ක කාලයක් පේලි කීපයකට ගලපලා.හරිම අපූරුයි.මම් නම් තාම ඉන්නෙ මුලම හරියේ.මේ අපි ගොඩක් අයගෙ ජීවිත ඉස්සරහට ගෙවෙන්න තියන හැටි වෙන්න ඇති.

    ReplyDelete
  2. ජිවිතය මෙයම දැයි?

    ReplyDelete
  3. ෂා මේක නං හරිම සෝයි ලියැවිල්ලක්......... මං හිතුවා මරණය දක්වාම යයිද කියලත්..........

    ReplyDelete
  4. යතාර්ථය.............

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ..
    ජීවිතය නම් මෙයයි
    මඟ හරින්නට නොහැක
    පුංචි වෙනස් කම්
    පමනමැයි.....

    ReplyDelete
  6. වචන දෙකතුනකට ජීවිතේම අමුනලා...
    ලස්සනයි :D :D
    කෝ +1 බටන් එක නෑනෙ :O :O

    ReplyDelete
  7. @ නදී - මාත් තාම මුල හරියෙ තමා. බලමු අග කොහොම වෙයිද කියල.
    @ වැප් - ගොඩක් දුරට...
    @ RanDil - මරන්න ලෝබ හිතුනා.. :)
    @ Soda ගුනේ - කාටත් පොදු (බොහෝවිට) යතාර්ථය..
    @ nimanthi - එකම අච්චුව, පුංචි පුංචි වෙනස්කම් එක්ක.

    ReplyDelete
  8. කෝ කාගෙන්ද මචන් මේක කොපි කලේ :-D

    ReplyDelete
  9. @ මදුශාන් - ස්තුතියි. +1 බටන් එක දාන හැටි දන්නෑ නොවැ..
    @ ම - මං කිව්වනෙ ලින්ක් දාන්නෙ නෑ කියල :D

    ReplyDelete
  10. මැක්ස්... ක්ලයිමැක්ස්...

    නියම පෝස්ට් එක. සංකීර්ණත්වය සරලව දැක්වීමට මීට වඩා උදාහරණ කොයින්ද??

    ReplyDelete
  11. සුන්දර ජීවිත කතාවක්!

    ReplyDelete
  12. මොනා උනත් ඇත්ත කතාවක්

    ReplyDelete
  13. ජීවිතේ ගෑන අමුනපු ලස්සන වචන වෑලක්.ලස්සන වෑඩක් සහෝ.

    ReplyDelete
  14. ලස්සනයි... හිත මොකක්ද වේගෙන ගියා... !!!!

    ReplyDelete
  15. හම්ම් ඇත්තටම මේක නේද ජීවිතේ සත්‍ය
    මම හිතන්නේ මේ සහෝදරයා ඇත්තේ මේකේ මැද වගේ වෙන්න ඇති නේද

    ReplyDelete
  16. බහුතරයක් පිරිස, ප්‍රශ්න කිරීමකින් තොරව වැළඳගන්නා සාම්ප්‍රදායික ජීවිතය, අපූරුවට කැටි කළ කෙටි දිග කතාවක්.

    ReplyDelete
  17. @ අනන්තයෙන් එහාට - ස්තුතියි!
    @ මගේ ජීවිතය - ඔබ හරි!
    @ Yohan Kanishka - ස්තුතියි මල්ලි.
    @ ශානු - ගොඩක් වෙලාවට....
    @ ප්‍රසාද් මහේශ් - ඔබටත් ස්තුතියි සහෝදරයා...
    @ indi - අපි හැමෝම පතන විදියෙ එකක්..
    @ ජීවිතේ මල් - ඔබ ඉන්නෙ කතාවෙ කොයි හරියෙද? :)
    @ gayanaps - අ‍පෝ නෑ... තාම මැදට ආවෙ නෑ :D
    @ නලිනි චන්දිමා - මං හිතන්නෙ, අපි කැමතියි මේ සම්ප්‍රදාය ඇතුලෙ ජීවත් වෙන්න.

    අදහස් දැක්වූ සියලුදෙනාටම ස්තුතියී!!

    ReplyDelete
  18. අවංකවම කියනවනම් පොතක් කියවන්නා වගේ රසවින්දනය කලා.
    මේ කතාවේ වාක්‍ය කීපයෙන් නොකියවෙන දිග කතාවක් චිත්‍රපටියක් බැලුවා වගේ මැවිලා ගියා.ලකුණු සීයට දාහක්ම දෙන්න පුලුවන් අති විශිෂ්ඨ නිර්මාණයක්.ජය..

    ReplyDelete
  19. නියම කතාව... බලාගෙන යද්දි යුවලක් හමුවුණාට පස්සෙ ජීවිත කාලයම වාක්‍ය කීපයකින් කියන්න පුළුවන් තරමටම හුරු පුරුදුයි නේද?

    නරකද වචන 100ක් එහෙම ලිව්වොත්?

    ReplyDelete
  20. ඇත්තටම අපූර්ව නිර්මාණයක් !

    තීර්ථ යාත්‍රිකයා කිව්ව වගේ ජීවිතය ගැන සලරුවක් බැලුවා හා සමානයි... ගොඩක් දිග කතාවක් බොහොම කෙටියෙන් කියල...

    ගොඩක් සාර්ථක නිර්මාණයක් !

    ReplyDelete
  21. මට කියන්න තියන ඒව ඔක්කොම උඩ ඉන්න එවුං කියල ඉවරයි . . .

    ReplyDelete
  22. පට්ට ලියවිල්ලක් :D

    ReplyDelete
  23. @ තීර්ථ යාත්‍රිකයා - ලොකු සතුටක් දැනෙනවා ඔබේ ප්‍රතිචාරය දැක්කම. බොහෝමත්ම ස්තුතියි.
    @ hare :-) - බලමු වචන 100 කින් ලියන්න පුලුවන්ද කියල. ස්තුතියි අදහසට.
    @ sansarasidu - ස්තුතියි, අගේකරාට.
    @ ඕනයා - අපායට ගියත් කලින් යන්න ඕනලුනෙ :D ඇවිත් ගියාට ස්තුතියි උඹටත්..
    @ අහිංසකි - ඔබටත් ස්තුතියි. :)

    ReplyDelete
  24. මාර ලස්සන ගැලපීමක්... පේලි දෙකකින් අවුරුදු හානක් විස්තර කරල තියෙනව...

    ReplyDelete
  25. "හැඩ වැඩ දාලා ලාස්සන කරලා...
    කාටද ඇඳුම වියන්නේ...
    මේ හිමිදිරි උදයේ...
    මාල ගිරා තටු සේම රුවින් යුතු..."

    උඹේ හිත බොහොම ලස්සනයි මචෝ...

    ReplyDelete
  26. නියම ගැලපිල්ලක්.
    මං හිතුවේ අලුත් පෝස්ට් එකක් කියවන්න අවුරුද්දක්ම ඉන්න වෙයි කියලා.

    ReplyDelete
  27. ෂඃ මං ගොඩක් පරක්කුයි.අවුලක් නෑ.මේකෙන් පස්සේ තාම මුකුත් ලියල නැති නිසා.මුළු ජීවිතේම කෙටි කලොත් වචන කීයකට ගන්න පුලුවන්ද කියල දැන් හිතෙනවා.අතිශයින් ගැඹුරු අදහසක් ලියන්න පුළුවන් සරලම ආකාරයෙන් ලියල තියනවා.
    ජය වේවා !

    ReplyDelete
  28. මැක්සා කියල විතරක් කියන්නද.....

    ReplyDelete