Wednesday 30 May 2012

කදිම ආයෝජනයක්!!!

පිං රැස්කරගන්නට පංසල්-ආරාම ගානේ ගොස් හෙම්බත් වෙලාද? දාන-මාන සැලසුම් කර ගැනීමට වෙලාවක් නැතිද? ඔබේ පුද පූජාවන්ට සරිලන පිනක් අනුමෝදන් වෙන්නේ නැද්ද? 

එසේනම්, මේ අනගි අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!!!!

පරලොවදී දිව්‍ය සැප සම්පත් ලබන්න අප සමග ආයෝජනය කරන්න!! 
ඔබ කැමති මුදලක් (රු.100,000/- ට වැඩි) අප ආයතනයේ ආයෝජනය කළපසු, ඔබ විසින් තීරණය කරනු ලබන අනුමෝදනා ප්‍රතිශතයක් යටතේ,  ගණනය කරනු ලබන පිං සෑම මසකම 30 වෙනිදාට ඔබට අනුමෝදන් කරනු ලැබේ. 

උදාහරණයක් ලෙස ඔබ රු.100,000/- ක් ආයෝජනය කළේ නම් සහ අනුමෝදනා ප්‍රතිශතය 10% ක් නම්, පළමු මාසයේදී රු.10,000/- ක් වටිනා පිං ද, දෙවන මාසයේදී රු.9,000/- ක් (ආයෝජිත මුදලේ ඉතිරියෙන් 10% ක්) වටිනා පිං ද ආදී වශයෙන්, ඔබේ ආයෝජිත මුදල ක්ෂය වී යනතෙක් ඔබට පිං අනුමෝදන් වේ.

************************************************************************
රු. 100,000/- ක් වැනි සුළු මුදලකින් ඔබේ ආයෝජනය ආරම්භ කළ හැකියි.
************************************************************************

විශේෂ දීමනාවක්!!
මේ මාසය තුලදී ඔබ සිදුකරන සියළුම ආයෝජන සඳහා, දෙගුණයක් පිං අනුමෝදන් කරනු ලැබේ.*

රු. 500,000 ට වඩා ආයෝජනය කරන සැමට වටිනා බෝධිපූජා පොතක් නොමිලේ!!

අපවෙත මුදල් එවීම සඳහා පේපැල්, ක්‍රෙඩිට් කාඩ්, චෙක්පත්, වෙස්ටර්න් යුනියන් වැනි ඔබට පහසු ක්‍රමයක් තෝරාගත හැකියි. 

ප්‍රමාද වී පසුතැවිලි නොවන්න!! මේ මහඟු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න!!!

“අද අද එයි මරු පිං කර ගන්නේ“
(ව්‍යාජ ආයතනවලට නොරැවටෙන්න)

*කොන්දේසි සහිතයි.

60 comments:

  1. “අද අද එයි මරු පිං කර ගන්නේ“

    මේක පට්ටපල් බොරුවක් බව වගකීමෙන් කියා සිටිමි.:D:D:D

    ReplyDelete
    Replies
    1. රු.250/- ක් වටිනා පිං නොමිලේ හිමිකරගත් පළමු වාසනාවන්තයා ඔබයි!!

      Delete
    2. ඒක මගේ පිං ගිණුමට බැර කරනවද? නැත්තං මං මුද්දරය ලියූ තැපැල් කවරයක් එවන්නද?

      Delete
    3. අවශ්‍ය නෑ මහත්මයාණනි. සම්පූර්ණ නම කියන්ඩ මං සිස්ටම් එකෙන් අනුමෝදන් කරන්නං.

      Delete
    4. ඔය කිව්වට හරියටම වැඩේ කෙරෙයිද?

      Delete
    5. අපි හොරබොරු නැති වැදගත් ආයතනයක්!

      Delete
  2. කොන්දේසි සහිතයි කියන එකේ පොඩි යකෝ! තව පොඩ්ඩෙන් ඒක දකින්නෙත් නෑ. මාපොට ඇඟිල්ල මේසේ වැදිලා ඇගිල්ල අතගාගන්න පහලට නැමෙද්දි ඔටෝම ඔලුව මොනිටරේට කිට්ටු නොවෙන්න, මම ලොවෙත් ඕක දකින්නැ කියහංකො......!

    ඉන්ඩකෝ කියෝලම මොකද්ද හොඳම ආ‍යෝජනය කියලා තීරනේ කරලා ආය කමෙන්ට් එකක් දාන්නම්!

    ReplyDelete
    Replies
    1. කෙහෙල්කොටුවෙත් බෙඳලා දාන්නං කමන්නෑනේ...!

      Delete
    2. මේ වැදගත්, වටිනා ආරංචිය හතරවටේ ප්‍රචාරය කිරීම වෙනුවෙන්, ඔබට රු.500/- ක් වටිනා පිං, නොමිලේ අනුමෝදන් කරන ලද බැව් සතුටින් දැනුම් දෙමි.

      Delete
  3. පොඩි හෑන්ඩ් බිල් එකක් ගහල බස් එකේ යන ගමන් හලාගෙන යන්න ෂුවර් එකට කට්ටිය හොයා ගන්න පුළුවන්.. ලියුම් පෙට්ටියක ඇඩ්‍රස් එකකුත් දාන්න.. ටික දවසකින් ට්.වී ඇඩ් එකක් දාගන්නත් පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. අපි දැනටමත් විවිධ ප්‍රචාරණ ක්‍රම අනුගමනය කරනවා මහත්මයාණනි.

      Delete
  4. ලක්සයක් දැම්මම ලක්ස කීයක් ආපහු දෙනවද ඈ :-D

    ReplyDelete
    Replies
    1. ඈ බං මරේ...සුමින්දයත් ලස්සෙට විසිපන්දහක ආකර්සණීය පොලියක් දෙයිද?

      Delete
    2. ඒක තමා බන් මාත් දුවගෙන ආවේ
      කීයක් හරි දාන්න කියලා හිතාගෙන :-D

      Delete
    3. :D:D:D

      මං හිතන්නේ නැහැ සුමින්දට එච්චර ආකර්සනීය වැඩක් කරන්න පුළුවන් කියලනං.

      Delete
    4. ඔබතුමන්ලාට අපගේ ආයෝජන ක්‍රමය පැහැදිලි වී නැති හැඩයි.
      මෙහෙමයි, ඔබට ඔබේ ආයෝජිත මුදල ආපසු ලැබෙන්නේ නෑ. (සතයක්වත්) ලැබෙන්නේ පිං පමණයි!

      Delete
    5. කරුණාකරලා කලින් මේ ක්‍රමයට දායක වෙච්ච අය ඉන්නවනං කියන්න බැරිද? අපිටත් අදහසක් ගන්න..:D

      Delete
    6. අපි, අපේ ආයෝජකයින්ගේ රහස්‍ය භාවය උපරිමයෙන් රකිනවා මහත්මයාණනි.

      Delete
    7. මට පේන්නේ දැනටම සුමින්දට කවුරු හරි ආයෝජනය කරලා වගේ :-D

      Delete
    8. මටත් පේන්නේ එහෙම එකක් තමා... සුමින්දත් ආකර්සනීය පොලියට අහු වෙලාද?

      Delete
    9. මරනේ,
      මිනිහව ආයෝජනය ද කරල තියෙන්නෙ?, මං හිතුවෙ මැදට පයන්න දාලායි කරලා තියෙන්නෙ කියලා...හෙහ්...හේ.......

      Delete
    10. කොහොමත් ආකර්සනීය පොලිය දෙන තැන ආයෝජනය කලනං සුමින්ද නොමිලේම ඔය කිව්ව එකත් කරගන්නවා

      Delete
    11. කරුණාකර මඩ ගැසීමෙන් වළකින්න.

      Delete
    12. ඔය ඉතිං ඒ පාර මඩලු...

      Delete
  5. පොඩි ප්‍රශ්නයක්.. හරි අපි මේ කෙ ආයෝජනය කරල ප්‍රතිලාභ ලබන්න කලින්ම චකබ්ලාස්ට් උනොත් මොකද වෙන්නෙ ??

    ReplyDelete
    Replies
    1. ඔබට ඔබේ මුදල නැති වෙනවා පමණයි.

      Delete
    2. උඔ යන තැන එකවුන්‍ට් එකක් හදහං..... සුමින්දයා එතෙනින් මාරු කර ගන්න ඩේට් චෙක් එකක් එවයි

      Delete
  6. උත්තේජන ප්‍රථිඵල ඇවිල්ලා වගේ... හනෙ අම්මේ මෙහෙමත් උත්තේජනයක්!!

    ReplyDelete
  7. ඩේට් චෙක් එකක් බාර ගනීද දන්නෙ නෑ නේ?

    ReplyDelete
  8. ඔබේ අදහස අපැහැදිලියි මහත්මියණි.

    ReplyDelete
    Replies
    1. අහ්... මම කීවෙ මෙන්න මේ උත්තේජකය ගැන අප්පා...

      http://www.cyberyaya.blogspot.com/2012/05/16.html

      Delete
  9. බැරිද කීයක් හරි වැඩිපුර දීල අර තවුතිසා ටිකට්එක ඉක්මනටම ගන්න.

    ReplyDelete
    Replies
    1. එය ඔබේ ආයෝජනය කරන මුදල මත තීරණය වේ.

      Delete
  10. තව ප්‍රස්නයක් එක පාරින් නිවන් යන්න ආයෝජනය කල යුතු මුදල ගනනය කොරලා දෙන්න බැරිද?
    ඒක ඩිස්කවුන්ට් එකක් එහෙම දෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔබේ මුළු සේසතම අප ආයතනයේ ආයෝජනය කිරිමෙන් පසු ‘හෘදයාබාධ‘ වැනි ක්‍රමයකින් ඔබට නිවන් යා හැකියි.

      Delete
  11. ඔය ආයෝජන ඔෆිස් එකේ වේකන්සි එහෙම නැද්ද දන්නෙ නෑ..අපිටත් ජොබ් කට්ටක් හොයා ගන්න..පඩිය සල්ලි වලින් ඕනි..හරිය ?! :-D

    ReplyDelete
    Replies
    1. පඩිය පිං වලින්ම ලැබුනොත් මදිද..?

      Delete
    2. දැනට පුරප්පාඩුවක් තිබේ. නමුත් වැටුප් ලැබෙන්නේ පිං ලෙස පමණි.

      Delete
  12. ෂා...මාත් කීයක් හරි ආයෝජනය කරන්න ඕනෙ.

    ඇත්තට අර කොන්දේසි සහිතයි කියන එකේ පොඩි.

    ReplyDelete
    Replies
    1. නොපමාව ආයෝජනය කරන්න!

      Delete
  13. ඒක පාර දාන්න සල්ලි නැහැ බැරිද කොටස් වශයෙන් ආයෝජනය කරන්න?

    ReplyDelete
    Replies
    1. එවිට පින් අනුමෝදන් වන්නේද කොටස් වශයෙනි.

      Delete
  14. අපි පොඩි ගානකින් ආයෝජනය කලාට අවුලක් නැනේ...
    පොඩ්ඩ පොඩ්ඩ ආයෝජනය කරද්දී ලැබෙන පින් ප්‍රමාණය අඩු නිසා අපි මේ ගැන ආයෝජනය කරනවා කියලා මාසික වාරික ක්‍රමේට ආයෝජනයැ කරන්න බැරිද...?
    එතකොට වාරික ටික ඉවර වෙන්න කලින් පින් ලබා ගන්න පුළුවන්නේ......:)

    ReplyDelete
    Replies
    1. සළකා බැලිය හැකි යෝජනාවකි.

      Delete
  15. අනේ මටත් ආසයි.... හැබැයි බයයි. අර සක්විති වගේ අපේ පිං ටික එක්කහු කොරං ඔබතුමා දිව්‍යලෝක ගත උනොත්?!! :D

    ReplyDelete
    Replies
    1. අනිසි බියක් ඇතිකර ගතයුතු නැත. ඔබට මුදල් නැති වුනත් පිං ලැබේ.

      Delete
  16. හා හා.
    සරල සෝක් පෝස්ට් එකක්. කියවලා අම්බානක හිනා රැල්ලක් මුවට නැගුනා. ඉශ්ටූති :) හෙ හෙ.

    ReplyDelete
    Replies
    1. ඔබටත් රු.250/- ක් වටිනා පිං අනුමෝදන් වෙනවා ඇති.

      Delete
  17. හික් හික් ඉස්සරහට මෙහෙම දේවලුත් වෙන්න බැරිකමක් නෑ දැන් වෙන දේවල් වල හැටියට.... :)

    ReplyDelete
    Replies
    1. මහත්මියණි, මෙය දැනටමත් පවතින ක්‍රමයකි.

      Delete
  18. මාරෙ, පූසා මරනෙ , බුද්ධි ප්‍රසන්න සිහින සහ හසී මේ ඔෆිස් එකේ ඉන්නෙ ස්ටාෆ් එක එකයි වගේ..ඒ කියන්නෙ සුමින්දයා විතරයි..රොබරියක්...මේ මන් කීවෙ..වරෙල්ලකො ප්‍රයිවෙට් චැට් එකකට..පොසොන් පෝය දවස හොඳයි ඒ වගේ වැඩ වලට... :-D

    ReplyDelete
    Replies
    1. කරුණාකර අප ආයතනයේ කීර්ති නාමයට හානිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින්න.

      Delete
  19. වෙනී අපි බොලාගෙ ඉසව්වට එනවා. එහෙ දී හමු වෙමු!

    ReplyDelete
  20. ඕ ... මම හුඟක් පරක්කුයි නේ.
    දැං ඔය හැමෝම සල්ලි දාල පිං ගන්න එකේ මට ඕකේ රිවර්ස් එක කරගන්න බැරි ද?
    මම කිව්වෙ,
    මම පිං තැන්පත් කොරන්නම්. මට කෑෂ් ගෙවන්න බැරි ද?

    ReplyDelete
  21. අදයි මේ පැත්තට ආවෙ... මමත් චැක් එක්ක එවන්නම් පින් අනුමෝදන් කරන්න ලබන ආත්මෙටත් එක්කම...

    ReplyDelete
  22. මේ පෝස්ට් එක කලින් කියෙව්වා මතකයි... කමෙන්ට් එකක් දාන්න අමතක වෙලා වෙන්ට ඇති එදා... ඔහොම දේවලුත් නොවෙයිද හෙට අනිද්දා?

    ReplyDelete
  23. අපරාදේ මචං ඔයා කම්මැලි කමට ලියන්නේ
    ලියන්ඩකෝ දිගටම

    ReplyDelete