Sunday 24 July 2011

කාරුණික දැනුම් දීමයි!

සියළුම බ්ලොග් ලියන්නන් වෙත,

කිසිදු වෙහෙස මහන්සියකින් තොරව කාගේත් අවධානය දිනාගත හැකි බැවින් ද, තමන්ගේම කියා දෙයක් කිරීමට හැකියාවක් නොමැතිකම නිසා ද, හැකියාවක් තිබුනත් උවමනාවක් නැති නිසා ද, ඔලුවක් තිබුනාට ඒ තුළ මොළයක් තිබෙනා බව නොදන්නා හෙයින් ද, මින්පසු ඔබලාගේ බ්ලොගයන්හි පළවන ලිපි, කිසිදු හිරිකිතයකින් තොරව කොපි කොට, මගේ මෙන් පළකිරීමට තීරණය කළබව කාරුණිකව දැනුම් දෙමි.

එසේම එසේ කොපිකර පළකරන මුල් ලිපියට කිසිදු සබැඳුමක් (Link) හෝ සඳහනක් හෝ නොයොදන බවද දන්වන අතර මෙයින් ඔබට කිසියම් හෝ සිත්තැවුලක්, වේදනාවක් ඇතිවේනම් එය මට අදාල නොවන බවද දන්වමි. නමුත් ඔබේ වෙහෙස මහන්සියට කරන ගරු කිරීමක් වශයෙන්, ලිපියේ මාතෘකාව, පින්තූර (ඇත්නම්) ඒවාද සමග ලිපියේ එක අකුරක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් නෑර ගෙඩිය පිටින්ම කොපි කරන බවට සහතික වෙමි.

ම‍‍ගේ මේ තීරණයට එරෙහිව ඔබලාට කිසිවක් කළ නොහැකි අතර, නිකං බොරුවට උඩපනින්නේ නැතුව ඉන්නා ලෙසද මතක් කරමි.

කරුණාකර මගේ ආතල් නොකඩා නිශ්ශබ්දව සිටින්න.

ස්තුතියි.