Wednesday 13 July 2011

අවුරුද්දකට පසු, ආපසු හැරී බලමි.

මගේ බ්ලොග් ලිවිල්ලට අවුරුද්දකුත් වෙලා! හරියටම කිව්වොත්, අවුරුද්දකුත් මාසයක්! මේ අවුරුද්දක කාලය ඇතුලෙ, මම පළකරලා තියෙන ලිපි ගණන 0001 ක්!!!

මේ තමා මගේ බ්ලොග් කෙරුවාවෙ තරම!
Posts : 02
Comments : 00
Followers: 00
Page Views: 29 (මේ 29ත් මම ම තමා)

ඇත්තටම, මට හරි ම අහිංසක සතුටක් දැනෙනවා.  මේ ‍ව‍‍ගේ දීර්ග කාලයක් බ්ලොග් එකක් පවත්වගෙන යන එකත් ලේසි වැඩක් නෙවෙයි.

මගේ බ්ලොගයට ජයවේවා!

(අනේ කොමන්ට් එකක් දාලා යන්න ‍හො‍ඳේ!)

49 comments:

  1. එලකිරි නියමයි ...

    දිගටම මේ වගේ ලියන්න

    ReplyDelete
  2. @ වැප්,
    ස්තුතියි අයියෙ මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  3. තාම ලියනන් දෙයක් හිතට ආවේ නැද්ද මචන්

    වසරක බ්ලොග් කෙරුවාවට සුභ පැතුම්!!!

    ReplyDelete
  4. නියමයි! වසරක බ්ලොග් පවත්වාගැනීමට අපෙන් සුභ පැතුම්..

    ReplyDelete
  5. මගෙත් සුභ පැතුම් දැන්වත් හිමිට පටන් ගමු නේද?

    ReplyDelete
  6. ශා නියමයි, මේ වගේ බ්ලොග් හරිම දුර්ලභයි.... සුබ පැතුම් අයියේ..!

    ReplyDelete
  7. විසිස්ටයි අති විසිස්ටයි...

    ReplyDelete
  8. @ ම, යොහාන්, අහිංසකී,
    අයියලා, අක්කලාට ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවට. මට ලොකු ශක්තියක් ඒක. දිගටම මේ වගේ ලියන්න තමයි බලාපොරොත්තුව‍.

    ReplyDelete
  9. හේ හේ හේ එළ කිරි මචන්.... දැන් ඉතින් අළු ගසා දාල මකුළු දැල් කඩලා දුම්මල ටිකක් එහම ගහල වැඩ ඇල්ලුවා නම් හොදයි නේද?

    ReplyDelete
  10. හසී අක්කටයි, indi අයියටයි ගොඩක් ස්තුතියි අදහස් වලට...

    ReplyDelete
  11. නියමායි...ඔහොමම නම් යන්නෙ නෑතුව මේන්න මෙහෙම යන්... :-)

    ReplyDelete
  12. @ Soda ගුනේ
    හානේ... මේ ගුනෙ අයියත් ඇවිල්ලා.. ස්තුතියි අයියෙ ආවට.

    ReplyDelete
  13. @ ජීවිතේ මල්,
    ඔයාලගෙ අදහස් මට ලොකු ශක්තියක් අක්කෙ...

    ReplyDelete
  14. මාර සංවේදී... එක හුස්මට මුළු බ්ලොග් එකම කියෙව්වා... ජයවේවා!!!

    ReplyDelete
  15. ජය වේවා හොදේ......... :D

    ReplyDelete
  16. @ Beetle, සෝරෝ ,
    ඔය අයියලා දෙන්නටත් ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවට...

    ReplyDelete
  17. ඇත්තටම අවුරුද්දක් (මාසෙකුත්) ගියා තේරෙන්න නැතුව ඇති නේද අයියා! ඔන්න මගෙන් සුබම සුබ සුබ පැතුම්. තවත් දීර්ඝ කාලයක් බ්ලොග් කරනයේ මෙවන්ම වූ ලිපි හරවත් ලිපි ලිවීමට සත්තිය දහිරිය ලැබේවායි මම ඉති සිතිං ප්‍රාර්තනා කරනව.. :D

    ReplyDelete
  18. @සසීන්ද්‍ර වීරසිංහ,
    ගො‍ඩක් ස්තුතියි ඔයාටත්...

    ReplyDelete
  19. කියවනව නං . . . . මෙන්න බ්ලොග් . . .
    ඇත්තටම මොන තරං නං මහන්සියක් වෙලා තියනවද මේ ලිවිල්ලට ? . . . . සුබ පැතුම් මචෝ . . . .

    ReplyDelete
  20. එළ මචන් අපෙන් සුභපැතුම්!!!!!!!!!!!
    මේ විදියටම දිගටම කරගෙන යන්න.......

    මම ඊලග කමෙන්ට් එක දාන්න ලබන අවුරුද්දේ ආවම හරිද මචන් :-D

    ReplyDelete
  21. @ ඕනයා,
    ඇත්තටම ඕනයා, ඔයාලා තමා මගේ ශක්තිය! මට මෙච්චර දුරක් එන්න පුළුවන් වුනේ ඔයාලා නිසා තමා. ස්තුතියි!

    ReplyDelete
  22. @ අඳුරෙන් එළියට,
    ඔව්. තව අවුරුද්දකින් විතර ඇවිත් යන්න එන්නකො.

    ReplyDelete
  23. මම දන්න විදිහට ලාංකීය මැගසින් එක අපූරුවට කලේ ඔබ..!
    මම වතාවක් ඒ ගැන මගේ සතුට වැප්ට ප්‍රකාශ කලා...
    වැඩාධික ඇති නේ..?

    කොමෙන්ට් වලට දීපු උත්තර ටික බැලුවාම නම් සොමිම සොමි පොරක් වාගේ... :-)

    වෙලා ඇති විදිහට මොනවා හරි ලියා අපි අතරට එන්න...
    ඔබට ජය....

    ReplyDelete
  24. පට්ට ලිවිල්ල ඈ සම්මානයක් දෙන්න වටිනවා.

    ReplyDelete
  25. කවුද මේවට වග කියන්නේ? කාලය? වැඩ?

    දිගටම ලියන්න උත්සහා කරන්න සහෝ......

    ReplyDelete
  26. මෙච්චර කාලෙකට කියවපු බ්ලොග් වලින් ආතල්ම පොස්ට් එක
    ජය වේවා
    මේකනම් හත් මාසයක්ම සමරන්න ඕනා

    ReplyDelete
  27. හම්මේ.. අද තමා දැක්කෙ බ්ලොග් එක.. එක හුස්මට දාපු පොස්ට් ඔක්කෝම කියව්වා.. :P :P

    ජය වේවා..! ඊලග අවුරුද්දෙ ආයේ මේක බලන්න ctrl + D එබුවෙමි..! :P

    ReplyDelete
  28. එල කොල්ලෙක්..වසරක කෙරුවාවට ජයවේවා එහෙනං...

    ReplyDelete
  29. දැන් ෆලෝවස්ලාම 12යි නේ. මාසෙට එකා ගානේ ෆලෝ කරලා. කමෙන්ට් ගැන කිව්වොත් මාසෙට කමෙන්ට් දෙකකට වැඩියි. සතුටු වෙන්න ඕන නේන්නං

    ReplyDelete
  30. එල එල දිගටම ලියමු! :D

    ReplyDelete
  31. අනේ අම්මප මෙහෙමත් බ්ලොග්... වැපා ට මාකටින් එකට කීයක්‌ දුන්නද? යකෝ අපේ සනුහරේම මෙතැනනේ.. ඔන්න මාත් ආව...
    දැන්වත් ලියන්න ඇට්ටි හැලෙන්න රට කඩාගෙන නිදි මරාගෙන අපි වගේ... හික් හික්... ජය වේවා !!

    ReplyDelete
  32. සාහ්. ජයවේවා!!!

    ReplyDelete
  33. @ සියල්ලන්ටම....

    ප්‍රතිචාර දැක්වූ අක්කලා, අයියලා, නංගිලා , මල්ලිලා හැමෝටම ගොඩක් ස්තුතියි!!

    ReplyDelete
  34. මගෙනුත් උණුසුම් සුබ පැතුම්.එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
  35. අප්පටසිරි. මේ බ්ලොග් එක කෝමද මට මගඇරුනේ.. මාර අප්සට්.. හිහ් හිහ්..

    සුබ පැතුම් ඔන්න.. වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා... :D

    ReplyDelete
  36. ඔන්න මගෙනුත් සුබ පැතුම්. දිගටම මේ වගේ ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලෑබේවා කියලා පතනවා.මටත් මේ බ්ලොග් එක මග ඇරිලනේ. කෝමද එහෙම උනේ ?

    ReplyDelete
  37. ලියනවද නැද්ද? කුජීතයි

    ReplyDelete
  38. අනේ වාසනාවන්.දිගටම ඔහොම ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  39. ඔන්න ඔයාලටත් ස්තුතියි හො‍ඳේ...........!

    ReplyDelete
  40. මෙච්චර ජන කන්දරාවක් ලියන්න ලියන්න කියලා අඬන එකේ ලියපං සුමින්ද අයියේ දුං විසිවෙන්න

    ReplyDelete
  41. ඇත්තට ඔය සඳරු කියන්නා වගේ ලියන්ඩකො අයියෙ දුං විසිවෙලා ඈතට දුම පේන්ඩ....

    ReplyDelete
  42. බලමු බලමු මොනව හරි ලියන්න. :)
    ස්තුතියි මල්ලිලා දෙන්නටත් මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  43. පරක්කු වෙලා හරි මෙන්න මගේත් සුභ පැතුම්..බෑයි කියන්නේ නැතිව බාර ගන්ට ඕන හො‍ඳේ..

    ReplyDelete
  44. @ මාරයාගේ හෝරාව - ඕං බාරගත්තා...මාරයටත් ස්තුතියි!

    ReplyDelete
  45. ෂා... මරු බ්ලොග් එක. මං පළවෙනි වතාවට දැක්කෙ. සුබ පැතුම් සහෝ.. දිගටම ලියනවත් දැක්ක නිසා ඒක කියන්නෙ නෑ...

    ReplyDelete
  46. මේක නම් රජමැදුරට යැවිය යුතු බ්ලොග් එක එළ එල දිගටම කරගෙන යමු සුභ පැතුම්

    ReplyDelete
  47. අවුරුද්දක් මේ වගේ බ්ලොග් එක අරන් යනව කියන එකත් කොච්චර ගේමක්ද.... මරු මරු :D

    ReplyDelete
  48. හුටා අදනේ දැක්කේ ... මගේ වගේම බ්ලොග් එකක්....

    ReplyDelete
  49. සද්දයක් බද්දයක් නෑ මොකෑ වුණේ හැබෑට ආයුබෝවන්ඩ????

    ReplyDelete